LankaHotNews.net - මාදම්පේ සුදුවැල්ල ප්රදේශයේ පිහිටි පරණ යකඩ උණුකර නැවත යකඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් අසල කප්පම් ගැනීමේ නිරත වු පුද්ගලයින් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල කර්මාන්ත ශාලාවට පරණ යකඩ රැගෙන එන පුද්ගලයින්ගෙන් අදාල සැකකරුවන් කප්පම් ලබාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ සහ අවට පදිංචිකරුවන් පිරිසක් බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.